නව ජනාධිපති දිවුරුම් දීම අද..



වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරිපිටදී දිවුරුම් දීම සිදුකෙරේ. දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇත.

සියලු දේශපාලන පක්ෂ එකතුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ඊයේ (20) යෝජනා කළේය.

ඒ අනුව සියලු දෙනාගේ යෝජනා ලබාගෙන අගමැති ධුරයට මන්ත්‍රිවරයකු නම් කිරීමට නියමිතය. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා කර ඇත. දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති ධුරයට පත්වුවහොත් සභානායක ධුරයට නිමල් සිරිපාල ද සිල්වා හෝ සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රිවරුන්ගෙන් කෙනකු පත් කිරීමට යෝජනා වී ඇත. ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා තවදුරටත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරයේ කටයුතු කරන බවද ජනාධිපති කාර්යාලය ආරංචිමාර්ග සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයද කඩිනමින් පත්කිරීමට නියමිත අතර ඇමැති ධුර සංඛ්‍යාව තිහකට සීමා වන බවද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාවද තිහකට සීමා කිරීමට සැලසුම් කර ඇත.

Post a Comment

0 Comments