ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අසාර්ථකත්වයේ සංකේතය රනිල්…

 


ස්වාධීන පක්ෂ එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අසාර්ථකත්වයේ සංකේතය රනිල්

පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටුව විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දැක්වීම මේ දශකයේ ලොකුම විහිළුවයි. ඇයි අපි එහෙම කියන්නේ, මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩුවක් හැදුවයි කියලයි.

2016 දී පොහොට්ටුව කියලා පක්ෂයක් පිහිටුවන්නේ ම රනිල්ගෙ ආණ්ඩුව පෙරළන්න. 2018 රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති තනතුරෙන් එලවන්න පොහොට්ටුව විශ්වාසභංග යෝජනාවක් ගේනවා. ඒ විතරක් නෙමෙයි 2018 මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා දින 52 ආණ්ඩුව හදන්නේ අගමැති රනිල් ධුරයෙන් එලවන්න.

2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපති අපේක්ෂකත්වයට එරෙහිව පොහොට්ටුව ඉදිරිපත් කළ ලොකුම තර්කය තමයි සජිත් ජනාධිපති වුණොත් අගමැති වෙන්නේ රනිල් කියන එක. එහෙම නම් මේ පොහොට්ටුවේ ප්‍රචාරක ව්‍යාපාරය කෙතරම් ප්‍රබලව සමාජය පිළිගත්තා ද කියලා කියනවා නම් අවුරුදු හතළිස් තුනක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙදර යවන්න මේ රටේ ජනතාව තීරණය කළා විතරක් නෙමෙයි එතුමාට මේ රටේ කිසිම දිස්ත්‍රික්කයකින් ඉතිහාසයේ ප්‍රථම වතාවට එතුමගේ පක්ෂයට මන්ත්‍රී ධූරයක් ලබා නොදෙන බවට මේ රටේ ජනතාව වගබලාගත්තා අර පොහොට්ටුව කිව්ව කතාව රටේ ජනතාව පිළිඅරගෙන.

දැන් මොකද වෙන්නේ, ජනතාව මන්ත්‍රීධූරයක් වත් ලබා නොදී ප්‍රතික්ෂේප කරපු රනිල්ව දැන් පොහොට්ටුව ගිහිල්ලා රටේ තියන උත්තරීතරම තනතුර වෙන ජනාධිපතිධුරයේ වාඩි කරන්න හදනවා. 2015 සිට ධනය ශ්‍රමය කාලය වැය කරලා මේ මහා ව්‍යාපාරයක් මහපොළොවෙ කරපු එක අද නිශ්ඵල වෙනවා. එහෙම කරලා ගෙදර යවපු රනිල්ව පොහොට්ටුව ආපහු ගෙනල්ලා නැවතත් ජනාධිපති පුටුවේ වාඩි කරවනවා. ඊට වඩා ලේසියි දෙයියනේ කියලා රනිල් මහත්තයෝ ඔයා ඔය කරගෙන යන විදිහට කරගෙන යන්න කියලා පොහොට්ටුවත් හදන්නැතුව මහ පාරේ පාගමන් උද්ඝෝෂණ සියල්ල කරන්නැතුව පැත්තකට වෙලා හිටිය නම්. එහෙනම් අදත් රටේ ජනාධිපති තනතුරේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වන විට රටේ අගමැති ධූරයට ඇවිත් මාස දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියනවා. මේ දක්වා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ වැඩපිළිවෙළක් ජාතිය හමුවේ තියන්න අසමත් වෙලා තියෙනවා. අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙනවා.

එතුමාගේ 43 වසරක පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම තියෙන්නෙ අසමත්කම. එතුමා තමයි ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අසාර්ථකත්වයේ සංකේතය. මේ රට මුහුණ දෙන දැවැන්තම අර්බුදයට මුහුණ දීලා තියෙන වෙලාවේ අසාර්ථකත්වයේ සංකේතය ගෙනල්ල ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් මං හිතන්නේ ඒක මේ රටේ ජනතාවට කරන දැවැන්ත නිග්‍රහයක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රශ්න උඩ වාඩිවෙලා ඉන්න හරිම සූරයා. එතුමා මේ වෙලාවේ වාඩිවෙලා ඉන්නේ පුපුරන්න ඔන්න මෙන්න කියල තියෙන දැවැන්ත ගිනිකන්දක. ඉතින් මේ දැවැන්ත ගිනිකන්ද යළි පුපුරා ගිහිල්ලා , මුළු රටම ලේ විලක් ගිනි ගොඩක් බවට පත් කරන්න එපාය කියන ඉල්ලීම අපි පොහොට්ටුවේ නායකයන්ගෙන් ඉල්ලනවා.

ඒ වගේම මේ රටට මේ රටේ ජනතාවට අපේ පුංචි දරු පැටවුන්ට පුංචි හරි ආදරයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලාට තියෙනවා නම් හෙට දවසේ ඩලස් අලහප්පෙරුම මැතිතුමා ජනාධිපති පුටුවේ වාඩි කරන්න කියලා සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා.

Post a Comment

0 Comments