ගාලු මුවදොර අරගලකරුවන්ට අනිද්දා 05 ට කලින් අයින් වෙන්න කියයි..
August 03, 2022
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.
කොටුව පොලීසිය විසින් දැනුම්දී ඇත්තේ අනිද්දා (05) සවස 05ට පෙර මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් පියවර ගත යුතු බවය.
එසේම එම නිවේදනයෙන් කොටුව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවය.
මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද එම නිවේදනයෙන් කොටුව පොලීසිය දැනුම්දීමක් සිදුකර ඇත.
එහිදී පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසටය.
0 Comments