ආරක්ෂක අංශ විසින් ගතවූ මාස හතක කාලයේදී සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1007ක් සමග සැකකරුවන් 17597 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිසියේ විවිධ වැටලීම් අංශ විසින් සිදුකළ වැටලීම් 17650කදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 6541ක් සමග සැකකරුවන් 13946 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටලීම් 14104කදීය.
කොකේන් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 358ක් සමග සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම වැටලීම් සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව විසිනි.
මේ අතර හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9ක් සමග සැකකරුවන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටලීම් 21කදීය.කෘත්‍රිම මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන මත්පෙති 48659ක්ද වැටලීම් 3267කදී නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝ 74කි.


0 Comments