රටවල් 24කින් ලංකාවට යෝජනා..
August 28, 2022
රටවල් කිහිපයක සමාගම් 24ක් මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරවල නිරතවීමට යෝජනා ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය සෞදි අරාබිය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මලයාසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල්වල සමාගම් මෙලෙස යෝජනා ඉදිරිපත් කර ඇති බව එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
0 Comments