කිලෝ 50 කින් යුතුව තිරිඟු පිටි මිටියක මිල මේ වන විට රුපියල් විසි දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව තිරිගු පිටි කිලෝවක තොග මිල රුපියල් 400 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
මෙම තත්ත්වය මත ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 300 ක් දක්වා ඉහළ දැමීමට සිදු වනු ඇති බව ද ඔහු සදහන් කලේය.
දැනට වෙළඳපොලේ තිරිගු පිටි විශාල හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් බේකරි රැසක් වැසී යාමේ අවදානමට ලක්ව ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
0 Comments