දේශිය වෙලදපොලේ අසාමාන්‍ය ලෙස එලවළු මිල ඉහල යාමට හේතුව ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ නුවරඑලිය ප්‍රදේශයේ එලවළු අස්වැන්න ඉතා අවම මට්ටමක පවතින බවත්, ඒ අනුව සැම උඩරට එලවළු කිලෝවකම ගැනුම් මිල රු 400 ඉක්මවා ගොස් ඇති බවයි.
ඉදිරියේදි එලවළු මිල මිට වඩා ඉහල යා හැකි බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙම මාධ්‍ය හමුවේදි පැවසිය.
රසායනික පොහොර , කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති විම හමුවේ නුවරඑලිය කුඩා සහ මහ පරිමාණ එලවළු වගාකරුවන් එලවළු වගාවෙන් ඉවත් වි ඇති බවත්, පවත්නා තත්ත්වය මත නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන්නේ සිමිති ගොවින් ප්‍රමාණයක් බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.
එලවළු වගාවෙන් ගොවින් ඉවත් විමට තවත් ප්‍රධාන හේතුවක් වශයෙන් ඔහු කියා සිටියේ ගොවියාට අවශ්‍ය ඉන්ධන නොලැබිම බවයි.


0 Comments