ජල ගාස්තුව සියයට 40-50ත් අතර සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ දැමෙනු ඇති බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සඳහා වන ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කිරීමට අදහස් කර සිටින බවද මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
දැනටමත් අදාළ ගැසට් නිවේදනය සකස් කර අවසන් වී ඇති බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිවී ඇති බවත් ඔහු පැවසීය.
ජල ලීටරයක් සඳහා දැනට අය කෙරෙන්නේ ශතයක පමණ මුදලක් බවත් ලීටරයකට අයකරන එම මුදල ශත පහක් හෝ හයක් දක්වා ඉහළ දැමෙනු ඇති බවත් පැවසේ.
ජල බිල්පත මෙසේ වැඩි කරන්නේ වසර දහයකට පසු වන අතර අවසන් වරට ජල බිල්පත වැඩි කර ඇත්තේ 2012 වසරේදීය.


0 Comments