පැහැර ගත් තරුණයා ලක්ෂ 56 ක කප්පම් ලබා දීමෙන් පසු නිදහස් කෙරේ..
August 28, 2022
කඳානේ දී පැහැර ගත් තරුණයා ලක්ෂ 56 ක කප්පම් ලබා දීමෙන් පසු නිදහස් කෙරේ
මෙලෙස පැහැරගනු ලැබුවේ නදුන් විජේසිංහ නමැති අවුරුදු 22ක තරුණයෙක්.
ඊයේ කිසියම් පිරිසක් විසින් වත්තලදී ඔහුට පහර දී ඔහුව පැහැරගනු ලැබුවා.
ඔහු කදාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ වැඩිමහල් පුත්‍රයා වනවා.
ඔවුන් එම පැහැරගැනීම කර තිබුනේ රුපියල් ලක්ෂ 56ක කප්පම් මුදලක් එම ව්‍යාපාරිකයාගෙන් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.
පසුව පැහැරගත් තරුණයාගේ පියා විසින් අදාල කප්පම් මුදල කප්පම්කරුවකුගේ ගිණුමකට බැර කිරීමෙන් පසුව නදුන් විජේසිංහ නමැති අවුරුදු 22ක තරුණයා නිදහස් කර තිබෙනවා.
පොලිසිය මගින් මුදල් බැරකළ ගිණුම ඔස්සේ අදාළ කප්පම්කරුවන්ගේ විස්තර සොයා මේ වන විට එම සිද්ධියට සම්බන්ධ 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් ආරව්ලක් මත මෙම පැහැරගැනීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
0 Comments