ඩොලර් මිලියන 570 දැවැන්ත ගල් අගුරු මගඩියක්.. ටොන් එකක් ඩොලර් 295 බැගින් මැදපෙරදිග සමාගමකින්.. පසුපස රාජපක්‍ෂලා..

 


ඩොලර් මිලියන 570 ක මුදලක් රටට අහිමි කරමින් දැවැන්ත ගල් අඟුරු මගඩියක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මෙම මුදලින් ශ්‍රී ලංකාවට වසරකට විදුලිය සැපයිය හැකි බවද හෙතෙම පැවසීය.

මෙම ටෙන්ඩරය වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් හාරසිය අසූවක් බවක් මෙය තනිකරම රටේ මුදල් කාබාසිනියා කරන ජාවාරමක් බවත් ඔහු සඳහන් කරයි.

දැනට ලෝක වෙළඳපොලේ ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 160-180 අතර ගණනක් වුවද මෙම ටෙන්ඩර් මගඩිය හරහා ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 295 කට ගැනීමට කටයුතු යොදා ඇති බවද සමරසිංහ මහතා පෙන්වා දෙයි.

අද වන විට රුසියාවේ පවා ගල් අඟුරු ටොන් එකක් උපරිම මිල ඩොලර් එකසිය අසූවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

මැද පෙරදිග සමාගමකට වසර දෙකක ණය කාලයක් යටතේ මෙම ගල් අඟුරු ටෙන්ඩරය ලබාදී ඇති බව ද පැවසූ ඔහු මේ පිටුපස සිටින්නේ රාජපක්ෂලා බවට තමාට තොරතුරු ලැබී ඇති බවත් එම තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments