ඉදිරි මාස හතරකට තෙල් ගේන්න සිපෙට්කෝ පිරවුම්හල් 700ක් විදේශ සමාගම්වලට දෙයි..

 


ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන පිරවුම් හල් වලින් 500ත් 700 ක් අතර ප්‍රමාණයක් විදේශීය තෙල් සමාගම්වලට ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙරටට ඉදිරි මාස හතරක කාලය සඳහා ඉන්ධන ආනයනයට වූ අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදල සොයා ගැනීමට මෙම පියවර ගෙන ඇති බවයි.

මේ සඳහා දැනටමත් විදේශ සමාගම් විසිහතරක් ව්‍යාපෘති යෝජනාවන් ඉදිරිපත් කර ඇති අතර අමාත්‍යාංශය එම යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

දැනට තෙල් සංස්ථාව සතුව ඉන්දන පිරවුම්හල් 1200ක් පමණ පවතී.

Post a Comment

0 Comments