ඔමික්‍රොන් ‌කොළඹට රිංගයි..




ලොව වේගයෙන්ම පැතිර යන කොවිඩ් ඔමික්‍රෝන් BA5 අනු ප්‍රභේදය කොළඹ ප්‍රදේශයේ පැතිරයාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිජශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

මෙම ප්‍රභේදය මේ වන විට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතර ඉදිරියේදි රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවත් පසුගිය මාස කීපය පුරා ලෝකය පුරා නව කොවිඩ් රැල්ලක් ඇති කිරීමට මෙම අනු ප්‍රභේදය සමත් වූ බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. මෙම ඔමික්‍රෝන් අනු ප්‍රභේදය මෙරට ව්‍යාප්තවන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ නවතම ජාන විශ්ලේෂණතා පරීක්ෂණයට අනුව සොයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙහි පවතින විකෘතිතා හේතුවෙන් මෙහි චර්යා බොහෝ විට ඩෙල්ටා ප්‍රභේදය හා සමාන බැවින් රෝග ලක්ෂණවල තීව්‍රතාව වැඩිවිය හැකි බව ලෝක විද්‍යාඥයන් පෙන්වා දී ඇතැයි මහාචාර්ය ජීවන්දර අවධාරණය කරයි.

කලින් රෝගය වැලඳී හෝ එන්නත් මගින් ශරීරය තුළ ගොඩ නැගී ඇති ප්‍රතිශක්තිය මහගැර යාමේ හැකියාවක් මෙම නව අනු ප්‍රභේදය සතුව පවතින බව මේ වන විට සොයා ගෙන ඇති බැවින් හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රා ලබා ගැනීමට කටයුතු කරන්නැයි මහාචාර්යවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මෙරට තුළ ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් අනු ප්‍රභේදය (B.A 5) ඉදිරියේදී දැඩි අවදානම් සහගත විය හැකි යැයි වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

Post a Comment

0 Comments