ගල්කිස්සේ ඉන්ධන කලු කඩේ වටලයි..




නීතිවිරෝධී ලෙස ගබඩා කර වැඩිමිලට විකිණීමට රැස්කර තිබූ ඉන්ධන තොගයක් ගල්කිස්ස ටෙම්පල් පාර නිවසක තිබියදි සැක කරුවෙක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එහි ඩීසල් ලීටර් 1400ක් පෙට්‍රල් ලීටර් 140ක් හා භූමිතෙල් ලීටර් 60ක් අඩංගු බව පොලිසිය ප්‍රකාශ කරයි.

46 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වර්ණ ජයසුන්දරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments