වසන්ත මුදලිගේට රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා.. තුන් මාසයක් ඇතුලේ.. චෝදනා පත‍්‍රය මෙන්න…

 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක යන දෙදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂ අමාත්‍යාංශය විසින් රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය සදහන් කරයි.

පෑලියගොඩ පොලිසිය විසින් වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට අදාලව නිකුත් කරන ලද ලේඛණයේ සදහන් වන්නේ රාජ්‍ය විරෝධී වැරදි, කුමන්ත‍්‍රණ හා වරෙන්තු මත අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ කොළඹ පවත්වන ලද විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 16 දෙනා අද අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලදී.



Post a Comment

0 Comments