අලුත්ගම දර්ගානගරය කොටපිටිය ප්‍රදේශයේ ඉඩම්හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඉඩමකින් පොල්ගෙඩි කීපයක් ඇහිදීමට ගොස් සිටියදී 21 හැවිරිදි තරුණයෙකුට කෲර ලෙස වධහිංසාවට ලක්කර එක් අතකඇඟිල්ලක් කපා පහරදී පාදයක් පුළුස්සා පීඩාවටපත්කර දින ගණනාවක් පොලිසිය මඟ හැර සැඟව සිටි සැකකාර ව්‍යාපාරිකයා 23 අලූත්ගම පොලිසියට පැමිණ සිටියදීඅත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි.
21 හැවිරිදි තරුණයා එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවත් 51 හැවිරිදි මව ගේ කුසගිනි නිවීමට අවශ්‍ය ආහාරයක් මිලදී ගැනීමට මෙසේ පොල් ගෙඩි කිහිපයක් එම වත්තෙන් හිඳීමටගොස් ඇති බවත් සිද්ධිය වූ ඉකුත් සඳුදා(15)දින පස්වරු 3 ට පමණ ඉඩම අයිති ව්‍යාපාරිකයාට පොල් ඇහිදීමට පැමිණි මෙම තරුණයා අසුවීමෙන් මෙලෙස වද හිංසනයට ලක්කර තිබෙන බවත් සිය මව සමඟ ලුත්ගම පොලීසියට පැමිණ පැමිණිලිකර රෝහල්ගත වී ඇතැයි විමර්ශන සිදුකරන පොලීසිය කියයි.
එම සිදුවීමෙන් අගතියට පත් තරුණයා පොලිසියට කළ ප්‍රකාශකයෙ සඳහන් කර ඇත්තේ සැකකාර ව්‍යාපාරිකයාට අමතරව තවත් අයකු තමාගේ දැත්බැඳීමට කටයුතු කර තිබෙන බවයි. මෙම සැකකරු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරයි.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති වධහිංසන ලක් තරුණයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
එම පැමිණිල්ල ඔස්සේ ක්‍රියාත්මක පොලිසිය සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසට කීපවිටක් ගියත් ඔවු එම නිවසේ සිට නොමැතිවමගහැර ගොස් තිබූ බව නිරීක්ෂණය වීමෙන් ලිඛිත ලේඛනයක් භාරදී ඇත.
එලෙස වඳ හිංසනයට පත්ව ඇතිඑම තරුණයාගේ මව ද පොලිසියට පැමිණ සිය පුතුට නීතියෙන් සහ අධිකරනයෙන් සාධාරණයඉටුකර දෙන්නැයි ඉල්ලීමක් ද පැමිණිල්ලට අමතරව සිදුකර ඇත.
මෙලෙස කෲර වඳ හිංසනයට ලක්ව ඇති තරුණයා සම්බන්ධයෙන් කළුතර ශික්ෂණ මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වාර්තාවක් ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කළහ.
එම වත්තේපොල් ඇඳීමට ගොස් සිටිබව කියන තරුණයාට පහරදී දැම්වැළකන්බැද ගිනි ගොඩක රත්කර ගිනියම් වූපිහියකින් පාදයක් පුළුස්සා තරුණයාට වඳ හිංසාවට ලක් කරන අයුරු කිසියම් අයෙකු දැක ඇත.
සැකකාර(49) හැවිරිදි ව්‍යාපාරිකයා මතුගම පොලිස්බල ප්‍රදේශයේ ද නිවසක් හිමි එහිද පදිංචිව සිටිමින් දර්ගා නගරයේ කොටපිටිය ප්‍රදේශයේ ඉඩමට පැමිණ සිටියදී මෙම අපරාධය නීතිය අතට ගෙන සිදුකර ඇතැයි විමර්ශන සිදුකරන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසීය.


0 Comments