අලියෙක් ඝාතනය කළ කාන්තාවක්..
August 18, 2022
ඊයේ රාත්‍රී පෞද්ගලික ඉඩමකට පැමිණ ඇති වන අලියකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇති අතර අද උදෑසන වන අලියා වැටී සිටිනු දුටු ප්‍රදේශවාසියෙකු ඒ පිළිබඳ වව්නියාව වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබේ.
මියගොස් සිටි වන අලියාගේ සිරුර අද (17) පෙරවරුවේ වනජීවී නිලධාරීන් විසින් සොයගෙන තිබුණේ වව්නියාව ගනේෂපුරම් ප්‍රදේශයේ වතු යායක තිබියදීයි.
නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදු කළ පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ වන අලියාට විදුලිසැර වැදී මියගොස් ඇති බවයි.
විදුලිය ලබාගැනීමට යොදාගත් රැහැන් අලියා මියගොස් සිටි ඉඩමේ හිමිකාරුවන් සගවා තබාගෙන ඇත.
වනජීවී නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී වන අලියා මියගොස් සිටි ඉඩමේ හිමිකාර 45 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වව්නියාව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
0 Comments