තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සක පමණ පිරිසක් ආණ්ඩුවට එක්වන බව සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුම් මහතාට දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ පිළිබඳව එම මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කිහිපයක් ද පවත්වා ඇති අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමගද සාකච්චා කර ඇතැයිද සදහන්ය.
මෙසේ ආණ්ඩුවට එක්වන පිරිස පිරිස අතර පක්ෂ නායකයන් මෙන්ම එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ද වන බව පැවසේ.
සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හෝ බහු පාක්‍ෂික ආණ්ඩුවක් ඉදිරි දින කිහිපයේදී පිහිටුවීමට නියමිත අතර එහි ඇමති ධුරද ඔවුන් අතට බෙදී යනු ඇතැයිද වාර්තා වෙයි.
මෙම කණ්ඩායම ආණ්ඩුවට එක් වූවොත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සුළුතර පක්ෂයක් බවට පත්වීමෙන් දැනට සජිත් පේ‍්‍රමදාස මහතා දරන විපක්‍ෂ නායක ධුරය විපක්‍ෂයේ බහුතරයක් නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙත හිමි වීමේ ඉඩකඩක් ද මතු වෙමින් තිබේ.
මේ අතර අද මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ආණ්ඩුවට එකතුවීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.
ඇතැමුන් අසත්‍ය පුවත් පතුරුවා පක්‍ෂය දෙකඩ කරන්නට උත්සාහ කලද එය සාර්ථක නොවන බවද ඔහු පැවසීය.


0 Comments