සඳුදා බස් නැති වෙයි ද?
August 27, 2022
මේ වන විට ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය 25% ක් දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
මේ හේතුවෙන් දුර ගමන් සේවා දරුණු ලෙස කඩාවැටීමකට ලක් වී තිබෙන බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම කෙටි ගමන් සේවා බස් රථ ධාවනය ද සියයට 25 ක් දක්වා අඩුවී ඇති බව ඔහු පැවසීය.
අද(27) සහ හෙට(28) දිනයේ දී පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා නොදුන්නොත් සඳුදා දිනයේ දී පූර්ණ වශයෙන් බස් රථ ධාවනය නොවෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
0 Comments