ජනාධිපතිට රට දාලා යන්න වෙන තත්ත්වයක් නැවතත් ඇති වෙමින් පවතිනවා…

 


‘එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමටද තිබියදීද සාමකාමි උත්ගොශකයන්ට පහර දිමෙන් අපේ රට ජත්‍යන්තරය ඉදිරියේ අනතුරට ඇද දැමුවා’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.

‘සාමකාමී අරගලවලට ඇති අයිතිය ජාත්‍යන්තර නීතිය අනුව පිළිගැනීමක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කවුන්සලය මේ සම්බන්ධයෙන් පැහැදිලි සම්මුතියක් වගේම නීති පද්ධතියක් ඇති කර තිබෙනවා. ඔබ දන්නවා මේ රට ගිනි ගත්ත පසුගිය දවස්වල සාමකාමී අරගලවලට පහර දීමෙන් එදා ගෝල්ෆේස් අරගලයට අරලියගහ මන්දිරයෙන් පොලු සහිත කණ්ඩායමක් ගිහිල්ලා ඒ අරගල කරුවන්ට පහර දුන්නා ඊට පස්සේ තමයි මුළු රටේම විශාල විරෝධතා ව්‍යාපාරයක් ඇවිල්ලා හිටපු ජනාධිපතිතුමාට රට දාලා යන්න සිදුවුණේ. අද නැවතත් ඒ තත්ත්වය ඇති වෙමින් පවතිනවා.පෙරේදා ලිප්ටන් වටරවුමේ සාමකාමී අරගලයක නිරත වෙච්ච අපේ දරුවන්ට පොලීසිය ,ආරක්ෂක අංශ විසින් පහරදීමක් සිදු කළා. මම ඒ පහරදීම රූපවාහිනියෙන් දකින කොට මම බැලුවා මේ ළමයින්ගේ බෝඩ් වල ඉල්ලීම් මොකද තියෙන්නේ කියලා ඒ අය කියන්නේ විශ්වවිද්‍යාල විවෘත කරව්, බඩගින්න නැති කරව් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමව් මර්දනය නැති කරව් වැනි අපේ රටේ සියලු දෙනාටම බලපාන ප්‍රශ්න බඩගින්න කියන එක අද මේ රටේ හැම කෙනාටම දැනෙනවා රටේ ජනතාවගේ ප්‍රශ්න ඉදිරියට ගෙනල්ලා ජනතාවට කන් දෙන්නේ නැති රජයක් නිදිමරගාතෙ ඉන්නකොට අපේ දරුවන්ට වෙන මාර්ගයක් නැහැ ජාත්‍යන්තර ආධාර ජාත්‍යන්තර උදව් අවශ්‍ය වකවානුවක මේ වගේ අහිංසක සාමකාමී විරෝධතා කරුවන්ට පහර දීම අපේ රට අනතුරේ දැමීමක්. ලබන මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වෙනවා එහි දැනටමත් අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවක් සම්මත වුණා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිවැරදි කළ යුතු කරුණු දැමුවාට තවමත් කිසි දෙයක් සිදු වෙලා නැහැ. සැප්තැම්බර් මාසයේ පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අඩංගු කරුණු වලට අමතරව මෑතකදී සිදු වෙච්ච පහරදීම් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම වැනි කරුණු අඩංගු වෙනවා මේ තුළින් මොකක්ද පේන්නේ අපේ රට බංකොලොත් මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න අපිට ජාත්‍යන්තර ආධාර උපකාර අවශ්‍යයි මෙවැනි සිදුවීම් හරහා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමෙන් අපේ රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුවෙනවා.

ඒ වගේම අද රාජ්‍ය ආයතන ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් රටේම සංවාදයක් ඇති වෙලා තිබෙනවා පැහැදිලිව අපි කියනවා පක්ෂ විදියට මේ රාජ්‍ය ආයතන කොටස් දෙකක් තියෙනවා එකක් ලාභ ලබන රාජ්‍ය ආයතන අනිත් එක පාඩු ලබන ආයතන ඒවා ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් යම්කිසි එකඟතාවයක් තියෙනවා අපි මේ ප්‍රතිව්‍යුහගත කිරීම පාර්ලිමේන්තුවට ගෙනැවිත් මේ ආයතන වල වැඩ කරන සේවකයන් ආරක්ෂා කරගෙන ඔවුන්ගේ සේවය පවත්වාගෙන යන්න බැරිනම් ඔවුන්ට වන්දියක් ලබා දීමට අපි පාරලිමේන්තුව හාරහ උත්සාහයක් දරනවා නමුත් අද ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන නෙමෙයි රජය අති විශාල ලාභයක් ලබන ආයතන පවා පුද්ගලික අංශයට පැවරීමට යනවා උදාහරණයක් වශයෙන් රක්ෂණ සංස්ථාව ගිය වසරේ මිලියන 10741 ලාභයක් තිබුණා ටෙලිකොම් එක මිලියන දොළොස්දහස් ආසන්න ලාභයක් තිබුණා මේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමට කිසිම අවශ්‍යතාවයක් නෑ .මම දැක්කා රජයෙන් නිවේදනයක් එයාර් ලංකා සමාගමත් සමග මේ අයතන දෙකත් ප්‍රතිව්‍යුගත කරනවා කියලා එයාර් ලංකා එක ප්‍රතිව්‍යුහගත කරාට ප්‍රශ්නයක් නැහැ මොකද මේ අවුරුද්දෙ පලවෙනි මාස හතරේ විතරක් පාඩුව මිලියන දෙසියක අපි කවුරුත් දන්නවා එමිරේට්ස් ආයතනය එයා ලංකා එක පාලනය කරන කාලේ හැම අවුරුද්දකම විශාල කාලයක් තිබුණා. මේකේ වැදගත්කම ඒ ලාභය හෝ පාඩුව හරි ඒ ආයතන විඳ දරා ගත්තා නමුත් එවකට රජ පවුලේ කෙනෙකුට එමිරේට්ස් ආයතනයෙන් ගමනක් යන්න ටිකට් එකක් දුන්නේ නැහැ කියලා emirates ආයතනයට යන්න කිව්වා එම පෞද්ගලිකත්වය මත ගත්ත තීරණ නිසා මෙවැනි ආයතන අද අපේ රටේ ජනතාවට විශාල බරක් රාජ්‍ය ආයතන 52ක පලවෙනි මාස හතරේ පාඩුව බිලියන 500 යි පාඩු ලබන ආයතන ගැන අපට ප්‍රශ්නයක් නැහැ සේවකයන් ආරක්ෂා කරගෙන තියාගන්නේ නැත්නම් ගෙවන වන්දි මුදල ගැන අපි පාර්ලිමේන්තුව තුළ කතා කරනවා නමුත් ලාභ ලබන රක්ෂණ සංස්ථාව ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලික අංශයට දෙනවට අපි විරුද්ධයි.

පසුගිය කාලය තුළ අපි පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේ කාරක සභා බල නායකත්වය ඉල්ලුවා මුදල් කමිටුවේ සභාපති ගමන් අපට ලැබිලා තිබෙනවා ස්ථාවර නියෝග අනුව එහිදී මතක් කරන්න ඕන අපි ජුනි හත්වෙනිදා පක්ෂ නායක රැස්වීමේදී ගරු කථානායක තුමාගේ ඉල්ලීමක් කරා විපක්ෂය වෙනුවෙන් කෝප් එකයි කෝපා එකයි සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා කතානායකතුමා කැමතිවුනා සියළු පක්ෂ නායකයෝ කැමති වුණා ට පස්සේ කතානායකතුමා උපදෙස් දුන්නා අවශ්‍ය ස්ථාවර නියෝග වෙනස් කරලා ඒ කටයුත්ත කරන්නේ කියලා නමුත් ඉන්පසුව ඉඳන් තවම ස්ථාවර නියෝගය වෙනස් කරන්න පියවරක් අරගෙන ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානය යොමු කරනවා අපි දන්නේ නැහැ රජය ඔවුන්ගේ මතය වෙනස් කරලාද කියලා ඉදිරියේදී ඒ අය බලා ගන්න පුළුවන්.

රජය බිත්තර සඳහා පාලන මිලක් දාලා තියෙනවා නමුත් අද රට තුළ මිල පාලනයක් නැහැ ආණ්ඩුවක් රටේ තියෙනවද කියලා බලා ගන්න පුළුවන් හොඳම නිදසුන මිල පාලනය මිල පාලනයක් රටේ ඇති කරන්න පුළුවන් නම් ආණ්ඩුව රට පාලනය කරනවා හා සමානයි එදා සතියකට දවසක් මිල පාලනයට පින් කරලා තිබුණා එය මහනුවර එදාට සියලුම වැඩි මිලට විකුණා ණය උසාවියට අරගෙන එනවා නමුත් අද එවැනි මිල පාලනයක් නැහැ හිතෙන හිතෙන ගණන් වලට විකුනනවා වත්පත් වල තිබුන බිත්තර රුපියල් විස්සකින් මිල අඩු කරනවා කියලා ඒක කරන්න පුළුවන් නම් හොඳයි නමුත් බිත්තරවලට විතරක් නෙමෙයි සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකටම මිල පාලනයක් තියෙන්න ඕන අපිට පාරිභෝගික අධිකාරිය රටේ තියෙනවා කිසිම පියවරක් ගන්නේ නැහැ මුදලාලිලා හිතෙන හිතෙන ගණන් වලට මිල වැඩි කිරීම් කරනවා අද දිවයින පත්තරේ තියෙනවා 75% ක් විදුලි බිල වැඩි කෙරුවාම මණ්ඩලය කියනවා තව 25% ක් වැඩි කරන්න වෙයි කියලා තටම අර ආයතන උඹට ප්‍රශ්නය වුණේ හැම ආණ්ඩුවක්ම සේවක සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි කරා ඒවා දුවන්න පුළුවන් නමුත් දේශපාලන අතකොළු බවට පත් වෙලා සෑම මැතිවරණයකින් පස්සෙම සේවකයන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි කරල මහජනතාවට සේවය කරන්නාක් ආයතන අන්තිමට වැඩ කෙළේ ඒ ආයතනයේ සේවකයන් ආරක්ෂා කරන්න විතරයි’


Post a Comment

0 Comments