ආසියාවේ විශාලම මැණික යැයි කියමින් රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මැණික් ගල අලෙවි කිරීම සඳහා ස්විට්සරලන්තයට රැගෙන ගොස් දැනට මාස හයක් ගතවී තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරන්නේ මෙතෙක් එය විකුණා ගැනීමට නොහැකි වී ඇති බවයි.
අධිකාරියේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ මෙම මැණිකේ වටිනාකම රුපියල් කෝටි 2000 ඉක්මවනු ඇති බවයි.
මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ මෙසේ රැගෙන ගිය මැණිකක් මාස තුනක කාලයකින් ආපසු මෙරටට ගෙන්වා ගත යුතු නමුත් එය දීර්ඝ කරමින් ස්විට්සර්ලන්තයේ තවදුරටත් තබා ගැනීමට සංස්ථාව කටයුතු කර තිබේ.


0 Comments