ජනපතිගේ ‘මොළය’ ඉලක්ක කර ප්‍රහාරයක්..
August 21, 2022
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ සමීපතමයෙකුගේ දියණියක් මොස්කව් අගනුවර සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ පුටින් ජනාධිපතිවරයාගේ ‘මොළය’ ලෙසින් හැඳින්වෙන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය වන ඩාරියා ඩූගින් ය.
ඇය ගමන් කරමින් සිටි මෝටර් රථය හදිසියේ පුපුරාගොස් ඇති අතර එම ප්‍රහාරය ඇලෙක්සැන්ඩර් ඩූගින් ඉලක්ක කර එල්ල වී ඇතැයි රුසියානු බුද්ධි අංශ සැක පළ කරයි.
රුසියානු මාධ්‍යවලට අනුව ඇලෙක්සැන්ඩර් ඩූගින් දියණිය සමග එකම රථයේ ගමන් කිරීමට සැලසුම් කර සිටියත්, එම තීරණය වෙනස් කර ඇත්තේ අවසාන මොහොතේදීය.
0 Comments