ජේලර්වරියක් අත්අඩංගුවට..
August 18, 2022
වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් සැක සහිත පෙති වර්ගයක් බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බන්ධනාගාරයේ කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සිරකාරියන් පරික්ෂා කිරීමේ සිදු කිරීමේ ස්ථානය හරහා යාමට පැමිණි සැකකාර ජෙලර් වරිය පරික්ෂා කිරීමේදී සැකකාරිය සතුව සැකසහිත පෙති වර්ගයක් පොලිස් භාරයට ගෙන ඇත
එම අවස්ථාවේදී සැකකාරිය අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේ දී ඇය ක්ෂණිකව පොලිස් නිලධාරිනියන් භාරයේ තිබූ එම පෙති උදුරාගෙන මූව තුළ සඟවා ගැනීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි
දැඩි පරිශ්‍රමයක් දැරූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීනියන් එම පෙති සමග සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් එම පෙති මත්පෙති ද ඖෂධ පෙති ද තහවුරු කරගැනීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර ඇත
0 Comments