උණ්ඩියල් ක්‍රමයෙන් මුදල් අතට ගත්තොත් නඩු..
August 29, 2022
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ උපයන මුදල් ඩොලර් ලෙස ලංකාවට එවනු වෙනුවට විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඒවා බෙදීයන සැලසුම්සහගත වැඩපිළිවෙළක් ගැන මහ බැංකුව හා පොලිසිය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත.
ඒ අනුව උණ්ඩියල් හා හවාලා වැනි ක්‍රම මගින් විදේශ මුදල් හුවමාරු කිරීමට යොමු වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ නීතිය හමුවට ගෙනයාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
කොරියාව, ජපානය, කුවෙට්, ඩුබායි, අබුඩාබි ඇතුළු රටවල් රැසක ශ්‍රී ලාංකිකයන් උපයන විදෙස් විනිමය හවාලා ක්‍රමය යටතේ විදෙස් රටවල් තුළම රඳවා ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කළ සැලසුමක් හෙළිවීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
මෙරටට එවන මත්ද්‍රව්‍ය තොගවලට අදාළ මුදල් බැංකුගත කිරීම වෙනුවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ නිවෙස්වලට රුපියල්වලින් එම මුදල් ලබාදීම ජාවාරම්කරුවන්ගේ සැලසුමය. ඒ වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සිටින රටවලින් ඒ වෙනුවට මුදල් රැස්කිරීමට නියෝජිතයන් සිටින බවද හෙළි වී තිබේ.
උණ්ඩියල්, හවාලා ජාවාරම්වල නිරත මත්ද්‍රව්‍ය ජාවාරමුන් නීත්‍යනුකූල බැංකු පද්ධතියෙන් පරිබාහිරව මෙම ජාවාරම උපක්‍රමයක් ලෙස ව්‍යාප්ත කර ඇත. දැනට වසරකට අධික කාලයක් තිස්සේ මහා පරිමාණ කුඩු ජාවාරම්වල මුදල් සංසරණය වූ බැංකු ගිණුම් සොයා රාජසන්තක කිරීමට පටන් ගැනීම හමුවේ මෙම උපක්‍රමය යොදවා ඇතැයි අනාවරණය වී ඇත.
0 Comments