ගෝඨා උදව් කළ අය ගෝඨා උදව්වක් ඉල්ලූ විට බෑ කියලා
August 18, 2022
ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු විසා ඉවර වූ පසු යළි ශ්‍රී ලංකාවට පැමිණිමට බලාගෙන හිටියත් ඊට තවමත් කාලය නොවන බව පවසා තාවකාලිකව තායිලන්තයයට පිටත් කර හැරියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව දේශපාලන කරළියේ මේ වනවිට පවතින කතාවකි. ගෝඨා යළි ගෙන්වා ගැනීමට කැම්පේන් කරන ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නය සැලකිය යුතු ප්‍රමාණයක් පිරිවරා ගෝඨා පිළිගැනීමට ගුවන් තොටුපළට යාමේ සූදානමක් ගැන බුද්ධි ආංශ පලකළ වාර්තා නිසා රනිල් ගෝඨා තායිලන්තයට යෑමට පෙළඹවූ බව පැවසේ. ඒ මිස කියන තරම් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැති බව ද කියවේ.
එමෙන්ම රනිල් ගෝඨාව ගෝඨා උදවු කළ පුද්ගලයින් මගින්ම හෑල්ලු කළ කතාවක්ද මේ වනවිට ගෝඨා හිතවාදීන් කියන්නට පටන් ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග කිරීමට ප්‍රථම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට කටයුතු කිරීම නිසා මේ වනවිට ඇමරිකාවේ සිටින සිය පුතා ළඟට යාමට ගෝඨාට වීසා අයැදුම් කිරීමට සිදු වී ඇත්තේ ලංකාවේ සාමාන්‍ය පුරවැසියකු ලෙසය. ගෝඨාට ඇමරිකානු වීසා නොලැබුණේ මේ නිසා බව ද පැවසේ. මෙබදු පසුබිමක ගෝඨාභය රාජපක්ෂට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙස පත් වීමට හැකි නම් ගෝඨාට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඇමරිකාවට යෑමට හැකියාවක් ලැබෙන බව පසුගිය දිනක රනිල් ගෝඨාට පැවසූ බව කියයි. නමුත් මේ වනවිට ඒකී තනතුර සඳහා ගෝඨාභයම පත් කළ ගෝඨාගේ හිතවත් හිටපු අග්‍රවිනිශ්චකාරයකු සිටින බැවින් ඔහු හා කතා කොට අදාළ තනතුරින් ඉල්ලා අස්වීමට එකඟ කරගන්නා මෙන් රනිල් ගෝඨාට පැවසූ බවද කියවේ. වාර්තා වන පරිදි ගෝඨා ඇමරිකාවේ සිටින එම හිතවතාගෙන් මෙම උපකාරය ඉල්ලා ඇතත් ගත් කටටම ඒ විනිසුරුවරයා ගෝඨාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ගෝඨා හිතවාදීන් කියා ඇත්තේ රනිල්ට ගෝඨා ඇමරිකාවට යැවීමට අවංක වුවමානවක් ඇති නම් දැනට සිටින නිත්‍ය නියෝජිතයා ධුරයෙන් පහ කොට ඊට ගෝඨා පත් කිරීමට වත්මන් ජනාධිපතිවරයාට බලය ඇති බවයි. මීට උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ගෝඨා විසින් පත්කළ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම රනිල් සේවයෙන් පහකළ ආකාරයයි. ජූලි 9 වැනිදා සිද්ධියෙන් පසු රටින් පැනයාමට ගෝඨා මාලදිවයිනෙන් ගුවන් යානයක් ගෙන්වා ගැනීමට උත්සහ දැරීමේදී තේමිය ගෝඨාට ඊට ඉඩ දී නොමැත. ගෝඨා විසින් පත් කළ නිලධාරීයා විසින්ම ගෝඨාට කළ මේ කෙනහිලිකම පිළිබඳ පුවත් පලවීමෙන් පසු රනිල් වහාම ක්‍රියාතමක වන පරිදි තේමිය සේවයෙන් නෙරපූ බව මෙහිදී ගෝඨා හිතවාදීන් පෙන්වා දී තිබේ.
0 Comments