බිත්තර ව්‍යාපාරිකයෙකුගෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුට ‘හමර්’ එකක්.. හිලවුවට ලොකුම බිත්තර සැපයුමක්…

මෙරට ප්‍රබල බිත්තර ව්‍යාපාරිකයන් විසින් ආණ්ඩුවේ ප්‍රබලයෙකුට හමර් වාහනයක් ලබාදුන් බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි.

අනතුරුව ඒ හරහා සතොස ආයතනයට බිත්තර සැපයීම අල්ලා ගත් බවද ඔහු පවසයි.

තමන් පවසන්නේ අසත්‍යයක් නම් තමන්ට නඩු දමන ලෙස ද ඔහු කියා සිටියි.

බිත්තරය නිෂ්පාදන වියදම රුපියල් 35-40ක් වන බවත් එය මෙතරම් ඉහළ සීමාවක තබා ගෙන ඇත්තේ ආණ්ඩුව සමග සිදුකරන ඩීල් එකකින් බවද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.



Post a Comment

0 Comments