ඉන්ධන අර්බුදයට කඩිනම් පියවර..




බැංකු නිෂ්කාශන හේතුවෙන් ගොඩබෑමේ ප්‍රමාදයක් සිදුවූ සුපර් ඩීසල් ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මීට පැයකට පමණ පෙර එම කටයුතු ආරම්භ වූ බව ඔහු ට්විටර් සටහනක් තබමින් කියාසිටියේය.

ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමාදය මග හරවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අද(25) රාත්‍රියේ පැමිණෙන ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑම් කටයුතු හෙට ආරම්භ කෙරෙයි.

සිදුවූ ප්‍රමාදය මගහරවා ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්තයේ බෙදා හැරීම් කටයුතු අද රාත්‍රියේදීත් ක්‍රියාත්මකයි.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් සමඟ පෙට්‍රල් ද බෙදා හරිමින් පවතී.

අමාත්‍යවරයා කියාසිටියේ ඩීසල් ගොඩබෑමේ ප්‍රමාදය හේතුවෙන් පෙට්‍රල් බෙදාහැරීමද ප්‍රමාද වී ඇති බවයි.

මෙම ප්‍රමාදයන් සියල්ල මගහරවා ගැනීමට අද රාත්‍රියේදීත් අඛණ්ඩව බෙදාහැරීම් කටයුතු සිදු කරන බවය ඔහු සඳහන් කළේය.

Post a Comment

0 Comments