තහනම් ලයිස්තුවේ සෙසු ඩයස්පෝරා සංවිධාන ගැනත් යලි සලකා බැලිය යුතුයි..

 


ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයන් පිරිසක් තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීම සාදරයෙන් පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කරන්නේ අදාළ තහනම් ලයිස්තුවේ තවදුරටත් රැඳී සිටින අනෙක් සංවිධාන පවා ත්‍රස්තවාදයට සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැති බවයි.

එසේ සම්බන්ධකම් ඇති නම් ඒ බව පැහැදිලිව සඳහන් කළ යුතු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එම තහනම් ලැයිස්තුවේ සිටින සංවිධාන සහ පුද්ගලයන් නැවත ඇගයීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.

Post a Comment

0 Comments