රට තුළ ඇති වූ විදේශ සංචිත හිගයත් සමඟ ශ්‍රී ලංකාව ඉන්ධන ගෙන්වීමේ දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට යොමුවීම තුළින් මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවත් පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදල් වලින් 10%ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරටට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ 43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක හමුවක් සහභාගී වීමට දුම්රියෙන් මහනුවර බලා යමින් සිටියදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා,
“පහුගිය අවුරුදු 20 ක කාලය තුළදී අධිවේගී මාර්ගවලට දාපු සල්ලි වලින් 10%ක් වත් දැම්මනම් අපිට අද වෙනකොට හැම දුම්රිය සේවයක් හා බස් සේවයක් ම ලැබෙනවා. ඇත්තටම පහුගිය කාලේ ඇතිවුණ ඉන්ධන අර්බුදය නිසා දුම්රියේ මගී ප්‍රමාණය දෙගුණයක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අපිට තියෙන්නේ දුම්රිය 60 කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් දුම්රිය නවීකරණය කරන්න විදුලිකරණය කරන්න, නව දුම්රිය සේවා නැති කරන්න ගත්ත ක්‍රියාමාර්ග මෝඩ දේශපාලකයෝ විසින් විනාශ කළා. හැබැයි අදටත් දුම්රිය මගීන්ගෙන් 8% – 10% ක් ගෙනියන දුම්රියට ඉන්ධන වැයවෙන්නේ 1% – 2% ක්. ඒ නිසා මේ ක්ෂේත්‍රය නවීකරණය සඳහා අලුත් දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි, බස් රථ ගෙන ඒම සඳහා දැන්වත් ආණ්ඩුව විශාල ප්‍රාග්ධන ආයෝජනයක් කළ යුතුයි.”


0 Comments