මගේ වාහනයේ ලීසිං වාරිකය අනූ පන්දාහයි.. සතියට දින තුනක් පීසා කනවා..- අරගල නායක කැලුම් අමරසිංහ

 


තමන්ගේ වාහනයේ ලීසිං වාරිකය රුපියල් අනූ පන්දහසක් බවත් තමන් සතියකට දවස් තුනක් පමණ පීසා කන බවත් ගාලු මුහුදට අරගලයේ ප්‍රධානියකු වන අරගලයේ ජාතික ව්‍යාපාරයේ සම ලේකම් කැලුම් අමරසිංහ මහතා සඳහන් කරයි.

පොලීසිය මේ සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කළ බව ද පැවසූ ඔහු පාලකයන් සිතා සිටින්නේ අරගලය කළ යුත්තේ ඉතාම පීඩනයට පත්ව සිටින ඉතාම දුක්විඳින මිනිසුන් බව යයිද පැවසීය

අරගලයේ ජාතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව කොළඹදී අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන් කියා සිටියේ මිරිහානේ තම ගෙදරට යන්න මිස රට යන්න නොවන බව ද පැවසූ ඔහු රට යාම ඔහුගේ වැඩක් බවත් ආපසු මෙරටට ඒම ගැන ද අරගලකරුවන්ට අදහසක් නැති බවත් සඳහන් කලේය.

Post a Comment

0 Comments