හිටපු අගමැතිවරයෙක් සිපිරිගෙට..
August 23, 2022
දුෂණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් ලෙස නම්කර සිටි මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් ගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට එරට ප්‍රධානතම අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, “1Malaysia Development Berhad” රාජ්‍ය අරමුදලෙන් මුදල් වංචා කිරීම සම්බන්ධ නඩු විභාගයෙන් වැරදිකරු ලෙස තීන්දු කරමින් ලබාදුන් නඩු තීන්දුව එම අධිකරණය මගින් ස්ථීර කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
තමාට එරෙහිව ලබාදුන් දඬුවම අහෝසි කරන ලෙසද ඔහු ඉල්ලා තිබුණි. එම ඉල්ලීමද අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබුණි.
ඒ අනුව ඔහුට එරෙහිව ලබාදුන් වසර 12ක සිර දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව එම නියෝගයේ සඳහන් ය.
69 හැවිරිදි නජීබ්ට එරෙහිව සාපරාධී විශ්වාසය කඩකිරීම, බලය අනිසි ලෙස භාවිත කිරීම සහ 1MDBට අනුබද්ධ ඒකකයක් වන “SRC ඉන්ටර්නැෂනල්” වෙතින් ඩොලර් මිලියන 10ක් පමණ නීතිවිරෝධී ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ද 2020 ජූලි මාසයේදී පහළ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීය.
ඔහු තමාට එරෙහිව දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය සලකා බලන කාලය තුළ ඔහු ඇප මත නිදහස්ව සිටියේය.
0 Comments