ආසියානු ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වේ..
August 03, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලිය අගෝස්තු 27 වනදා ආරම්භවීමට නියමිතය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් 06 ක් කාණ්ඩ 02 ක් යටතේ තරගවැදීමට නියමිතව ඇත.
A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය සහ ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ජය ගන්නා කණ්ඩායම ඇතුළත් වේ.
B කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ඇතුළත්ය.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය කණ්ඩායම අතර අගෝස්තු 27 පැවැත්වීමට නියමිතය.
0 Comments