කොළඹ පාතාල කල්ලි ගැටෙති.. මහ මග වෙඩි තබා අයෙක් මරයි..

 


ඊයේ රාත‍්‍රි කාලයේ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදුණු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මත සිදුවූවක් විය හැකි බව පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබේ.

Post a Comment

0 Comments