පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පිටින් කෝප් සහ කෝපා කමිටු වලට සභාපතිවරුන් පත්කිරීමට යෝජනා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරෝධය පළ කර තිබේ.
එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එසේ විරෝධය පළ කර ඇත.
කමිටු පිහිටුවීමටත් කලින් සභාපති තනතුරු සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු යෝජනා කර ඇති බවත් ස්ථාවර නියෝගය අනුව එසේ කළ නොහැකි බවත් ලේකම්වරයා පෙන්වා දී තිබේ.
පලමුව එම කමිටු පිහිටුවා ඉන් අනතුරුව සාමාජික මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරයා තෝරා පත්කර ගතයුතු බව ස්ථාවර නියෝගවල පැහැදිළිවම දැක්වෙන්නේ යැයි කාරියවසම් මහතා පවසා ඇත.
එසේ නොමැතිව එක් එක් අයට උවමනා ලෙස සභාපති තනතුරැවලට මන්ත්‍රීවරුන් පත් කළ නොහැකි බව ද ඔහු පෙන්වා දී තිබේ.
එහි දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ එම කමිටු දෙකේ සභාපති තනතුරු විපක්ෂයට ලබාගැනීමට කතානායකවරයා මීට පෙර පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී එකඟ වූ බවයි.


0 Comments