ශ‍්‍රී ලංකාව රටකජුවලින් ස්වයංපෝෂිතයි.. මස්-මාළු මිල වැඩි නිසා ප්‍රෝටීන් රටකජුවලින් ගත හැකියි..- රජය

 මස් හා මාළු වල මිල ගණන් ඉහළ යාම නිසා අහිමි වන ප්‍රෝටීන් අවශ්‍යතාවය ශ්‍රී ලංකා ජම්බෝ රටකජුවලින් සපුරා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉහළ අස්වැන්නක් සහිත මෙම ප්‍රභේදය මගින් ජනතාවට අවශ්‍ය දෛනික ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 29% ක් සපුරා ගත හැකි බවද අමාත්‍යංශය කියා සිටී.

එහි ගුණාත්මක භාවය ආනයනික රජකඩුවලට වඩා සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවත් පවසන අමාත්‍යාංශය ශ්‍රී ලංකාව අද වන විට රටකජුවලින් ස්වයංපෝෂිත බව ද සඳහන් කරයි.

මෙවර වෙනදාට වඩා දෙගුණයක් රටකජු අස්වැන් ලැබී ඇතැයිද ඒ නිසා ඉදිරියේ දී රටකජු ආනයනය අවශ්‍යතාවයක් නැති බවත් අමාත්‍යංශය තව දුරටත් කියා සිටියි.

Post a Comment

0 Comments