ඩීසල් නැවට මුදල් ගෙවයි..
August 04, 2022
දින ගණනාවක් තිස්සේ මුදල් ගෙවීමට නොහැකිව මෙරට මුහුදු සීමාවේ නැංගුරම් දමා තිබූ මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් නෞකාවකට මුදල් ඊයේ (03) ගෙවූ බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසුවේය.
ට්ව්ට්ර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ එම නෞකාවෙන් ඩීසල් ගොඩබෑමේ කටයුතු ඊයේ සිටම ආරම්භ කළ බවය.
මේ අතර තවත් පෙට්‍රල් සහ නෞකාවකට අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවත් එම පණිවුඩයේ සඳහන් වේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන වසර කාලයක් සඳහා ලබාගැනීමට සඳහා සැපයුම්කරුවන් සමග ගිවිසුම්වලට එළැඹි බව බලශක්ති ඇමැතිවරයා කියා සිටී. එහි පළමු ගුවන්යානා ඉන්ධන තොගය මේ මස 12 වැනිදාත් 14 වැනිදාත් අතර කාලයේ මෙරටට ළඟාවීමට නියමිතය.
0 Comments