යළි ගංවතුර අවදානමක්..
August 31, 2022
පවතින වැසි තත්ත්වය හේතුවෙන් මහවැලි ඇතුළු ගංගා හයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක් උද්ගත විය හැකි බවත්, පුත්තලම සහ මන්නාරම නගර ජලයෙන් යටවිය හැකි බවටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මධ්‍යම, ගිණිකොණ සහ වයඹ ප්‍රදේශ ආශ්‍රිතව වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන නිවේදනය අනුව මෙම අනතුරු ඇඟවීම සිදු කරන බව වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර පැවැසීය.
ඒ අනුව අත්තනගලු ඔය, කළු ගඟ, කැළණි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ මහවැලි ගඟ ආශ්‍රිතව ඉහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව අද (31 වැනිදා) සහ හෙට (01 වැනිදා) සැලකිලිමත් විය යුතු බවද ඔහු පැවැසීය.
0 Comments