ජපාන සමාගමෙන් පගා ඉල්ලා නෑ.. නිමල් සිරිපාල පිරිසිදුයි..- කමිටු වාර්තාව

 


ව්‍යාපෘතියක් සඳහා මෙරට ආයෝජනය කිරීමට ඉදිරිපත් වූ ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වූ චෝදනා වලින් නිදොස් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුව මගින් මෙම නිර්දෝෂී බව පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත මෙම කමිටු වාර්තාව පසුගියදා භාර දෙන ලදී.

මෙම චෝදනාව එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.


Post a Comment

0 Comments