ශ‍්‍රී ලංකාවේ දරුවන්ට කෑම නෑ.. ලෝකයම කෑම එවන්න.. උදවු කරන්න..- යුනිසෙෆ්

 


ශ්‍රී ලංකාව ළමා මන්ද පෝෂණය අතින් ලෝකයෙන්ම 06 වැනි ස්ථානයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට දරුණු බලපෑමක් සිදුව ඇති බව සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි මහතා සදහන් කරයි,

මේ වනවිටත් මෙරට ළමුන් තිදෙනකුගෙන් එක් අයෙකු යම් ආකාරයක හදිසි ආධාර උපකාර ලැබීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන බවත් සංවිධානය පවසයි.

බලපා ඇති අර්බුදකාරි තත්ත්වය මත ළමුන් පාසල් යාම අඩාලවී ඇති බවත් අර්බුදයට පෙර ඔවුන්ට ලැබුණු ආහාර වේල අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

ආහාර මිලදී ගැනීමේ හැකියාව නැතිවීමෙන් එදිනෙදා ආහාරවේල් මග හරිමින් පසුවන බවත් ළමුන් මීළඟ ආහාර වේල ලැබෙන්නේ කෙසේදැයි නොදැන කුසගින්නේ නින්දට යන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

‘මෙවැනි අර්බුදයක සිටින අවස්ථාවක යුනිසෙෆ් සංවිධානය විදිහට අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කරනවා, සෞඛ්‍ය සහ අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව අත්පත් කරගත් දේ රැකගැනීමට උපකාර කරන ලෙස.

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 6වන ස්ථානයේ සිටින්නේ. විශේෂයෙන්ම ළමුන් කෘෂභාවයට පත්වීම සම්බන්ධයෙන්. කෘෂභාවය ඉතාම ඉක්මණින් දරුණු තත්ත්වයකට පත්විය හැකියි. එයින් දරුවෙකු මරණයට පවා පත්විය හැකියි.

භාණ්ඩ මිල ඉහළයෑම සහ පවුලවල ආදායම අඩුවීම හරහා දරුවන්ගේ කෘෂභාවය සම්බන්ධ ගැටලුව දරුණු තැනකට ගෙනයා හැකියි. මේ ගැටලුවට විශේෂ අවධානයක් යොමුවිය යුතුමයි. මම නැවතත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා මේ තමයි අවස්ථාව අපි ශ්‍රී ලංකාවේ දරුවන් සහ පවුල්වලට උදව් කළ යුතුම.”

Post a Comment

0 Comments