‘රට වෙනුවෙන් පුරවැසියෝ’ සංවිධානය විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ගරු අග්‍රාමාත්‍යතුමා,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
කොළඹ 07.
කාර්යයක් නැති රාජ්‍ය සේවකයින් කළමණාකරණය කරගන්න ඩිජිටල් නායකත්ව සංකල්පය යොදාගැනීමට සිදුකරන යෝජනාවයි.
කිසිදු කාර්යභාරයක් නොමැති රාජ්‍ය සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා පසුගියදා පවසන්නට යෙදුනි. ලක්ෂ 16කට ආසන්න රාජ්‍ය සේවකයන් පිරිසක් සිටිනවා නම් ඒ පිරිස කළමණාකරණය කරගැනීමේ වගකීම ඇත්තේ රාජ්‍ය නිලධාරීන් සතුව බවයි අපගේ යෝජනාව. මේ සදහා ඩිජිටල් නායකත්ව සංකල්පය රජ්‍ය අංශය වෙත හදුන්වාදීම ඉතා වැදගත් බව අපි අවධාරනය කරමු.
අවිධිමත් දේශපාලන පත්කිරීම් වලින් රාජ්‍ය සේවයට බදවාගත් අය වුවත් ඔවුන්ව ඉවත් කිරීම සිදුකල නොහැකි බව අප කවුරුත් තේරුම්ගත යුතුව තිබේ. ඔවුනුත් මේ රටේ මිනිස්සුන් ලෙස සැලකීමට අපට යුතුකමක් ඇත. මේ සඳහා වගකිව යුත්තේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවයේ මේ පත්වීම් ඇතිකරපු රාජ්‍ය නිලධාරීන් කියන මේ දෙකොට්ඨාශය බව අපි පෙන්වා දෙන්නෙමු.
නැවත බදවා ගැනීම් සීමාකිරීම වගේම රාජ්‍ය සේවය තුල සිටින පිරිස කලමණාකරණය කරගන්න ඩිජිටල් නායකත්ව සංකල්පය යොදාගැනීම තුලින් මනව සම්පත් කළමණාකරනය කොට රාජ්‍ය අංශය වඩාත් කාර්යක්ෂම තත්වයකට පත්කල හැකි බව අපගේ විශ්වාසයයි. රාජ්‍ය අංශයේ විවිධ සේවා ස්ථානවල සිටින අතිරික්ත පිරිස් සේවකයන් නැති තැන්වලට අනුයුක්ත කරගැනීම කල යුතුය. සමහර ආයතන දෙස නිසි අවබෝධයෙන් බැලුවොත් අලුත් රැකියා අංශ ඇතිකර ගැනීමේ හැකියාව ඇත. එමගින් නව රැකියා අවස්ථා බිහිකරගත හැකිවා සේම කුසලතා ඇති පිරිස් ඒ සඳහා ස්ථාන ගත කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නෙමු.
දියුණු රටවල ආයතන රාශියක් ඩිජිටල් නායකත්ව ක්‍රමවේදය යොදාගනී. අපේ රටේ නිලධාරීන්ටත් මේ ක්‍රමවේදයන් හදුන්වාදී ඒ සදහා ඔවුන් දිරිමත් කල යුතුයි. කවුරුන් හෝ කරනකම් බලාගෙන ඉන්නේ නැතිව තමන්ම ක්‍රියාත්මකවීම වැදගත්. තම ආයතනයේ ඉහළ සිට පහල දක්වා සිටින සේවක සේවිකාවන් ඒ සඳහා යොමුකිරීම, දිරිමත් කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් ලෙස අපි සිතමු. දේශපාලනාධිකාරියට පමණක් මෙම කර්තව්‍ය සිදුකිරීමට නොහැකි අතර, අනික් බොහෝ දේශපාලඥයන්ට වගේම රාජ්‍ය නිලධාරීන්ට නිවැරදි ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් පිලිබදව අවබෝධයක් නොතිබෙන බව අපට පෙනේනට ඇත.
බෝහෝ දෙනා ඩිජිටල් වචනය පමණක් අල්ලාගෙන දගලන් තත්වයක් දකින්නට ඇති බව පැහැදිලිය. නොදන්නා කාරණය ඉගෙනගෙන වඩාත් ඵලදායී ලෙස රාජ්‍ය සේවය වඩාත් ගුණාත්ම කාර්ක්ෂම සේවයක් ලෙස පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මේ කාලවකවානුව තුල පෙනෙන්නට ඇත.
ඩිජිටල් නායකත්වය තුල තිබෙන ලක්ෂණ ලෙස – Communication – සංනිවේදනය, Vision – දැක්ම, Digital Literacy – ඩිජිටල් සාක්ෂරතාව, Strategy – උපායමාර්ගය Innovation – නවෝත්පාදනය, Risk-Talking – අවදානම ගැන සාකච්ඡාව, Risk Taking – අවදානම ගැනීම Adaptability – අනුවර්ත්‍යතාව, Talent Spotting – කුසලතා ස්ථානගතකිරීම අන්තර්ගතවේ.
මෙම ක්‍රමවේදයන් තුලින් රට පාලනය කරන නායකයන් වගේම රාජ්‍ය පරිපාලනයේ යෙදන නිලධාරීන් ගැඹුරින් අධ්‍යයනය කළ යුතුවෙන බවත්, ගෝත්‍රිකවාදී, සාම්ප්‍රදායික පාලන ක්‍රමවේදයන්ගෙන් ඉවත්ව නව තාක්ෂණයත් සමග කුසලතා ඔප්නැවීම සහ ධනාත්මක සිතුවිලි සමඟ ඉදිරියට ගියොත් රටක් විදිහට අපට මීට වඩා ජයග්‍රහණ අත්කරගත හැකි බවත් අවධාරණය කරමු.
අප සංවිධානය මේ සඳහා ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බවත් දන්වා සිටිමු.
රට වෙනුවෙන් පුරවැසියෝ සංවිධානය වෙනුවෙන්,
පුලස්ති වන්නිආරච්චි
ඩිජිටල් අලෙවිකරණ උපදේශක
ප්‍රසන්න අධිකාරි
රංජිත් වික්‍රමසිංහ
0 Comments