බවුසර් රථයක් අත්අඩංගුවට..
August 03, 2022
වැඩි මිලට අලෙවි කිරීම සදහා රැගෙන එන ලද ලංකා ඔටෝ ඩිසල් තොගයක් රැගත් බවුසර් රථයක් ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
WPLK 7971 අංක දරණ මෙම බවුසර් රථය නවලෝක කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමට අයත් බවුසරයක් බව පොලිසිය සදහන් කරයි.
මීගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයන් යොදවා වටරැක ලියන් වල ඇගලුම් කර්මාන්ත ශාලාවකට වැඩි මිලකට අලෙවි කිරීමට රැගෙන ආ අවස්ථාවේ බවුසර් රථය හා සැකකරුවන් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙවැනි වූ තවත් ස්ථාන රැසකට වැඩිමිලට ඉන්ධන විකුණු බවය.
මෙම සැකකරුවන් 4දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
0 Comments