රට දිනූ අහිංසා දැරිය රැවටූ වංචනිකයෝ

 


ශ්‍රී ලංකාව දොම්නසින් සිටින මොහොතක  රටම අමන්දානන්දයට පත් කරමින්දු පොදු  රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ‍ක්‍රීඩා  අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණා. උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ය. උත්සවය සඳහා පැමිනෙන්නට නෙත්මි අහිංසාට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැත. ප්‍රදේශයේ පොහොට්ටුවේ ‍ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වාහනයක් සපයා දෙන්නට පොරොන්දු විය. නෙත්මි අහිංසා ඇගේ පුහුණුකරු සමඟ කොළඹ එමින් සිටියාය. ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මගහරවා නෙත්මි නාමල් රාජපක්ෂ හමුවට ගෙනයාම සඳහා සිදුවෙමින් තිබූ කුමන්ත්‍රණය ගැන ඇය දැනුවත්ව සිටියේ නැත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් රියදුරාට දී තිබූ රහසිගත උපදෙස් අනුව ඔහු ක්‍රීඩා ඇමතිවරයා ගේ නිවෙසට යන ලෙස දන්වා ඇති බව පවසමින් නෙත්මි දැරිය නාමල් රාජපක්ෂ සිටින නිවෙසට ගෙන ගියේය. ක්‍රීඩා ඇමති වෙනුවට නාමල් සිටිනු දුටු නෙත්මිත් , පුහුණුකරු විමතියට පත්විය. එහෙත් ඔවුන්ට කළ හැක්කක් නොවීය. නාමල්ගේ ආරක්ෂකයෝ දුරකථන ක්‍රියා විරහිත කරන්නට උපදෙස් දුන් බැවිනි ඔවුන් වඩාත් අසරණ විය.

දුරකථන නිහඬ බැවිනි පදනම් ආයතනයේ උත්සව සංවිධායකයෝ කලබල වූහ. නාමල්ගේ මිතුරෝ ඒ වන විටත් නෙත්මි, නාමල් හමුවූ පුවත සමාජ මාධ්‍ය වෙත  ලබාදෙමින් ප්‍රචාරක වාසිය අත්කරගන්න තිබුණි. පදනම් ආයතනයට පැමිණි නෙත්මි ඔවුන්ට සිදු වූ අකරතැබ්බය ක්‍රීඩා බලධාරීන්ට පැවසූ විට සියල්ලෝම කනගාටුවටත් කලකිරීමටත් පත්විය.

උපුටා ගනීම මව්බිම පුවත්පත.






Post a Comment

0 Comments