පොහොට්ටුවේ ඇමතිවරු ජනපතිගෙන් කළ ඉල්ලීම..
August 29, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම තවදුරටත් කල් යන්නේ නම්, කඩිනමින් රාජ්‍ය අමාත්‍ය ධූර පත් කරන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර පසුගියදා පැවැති හමුවකදීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුමැතිය යටතේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ ය.
0 Comments