ලොව හුදෙකලාම මිනිසා මරුට..




ලෝකයේ හුදෙකලාම මිනිසා ලෙස සැලකුණු බ්‍රසීලයේ ආදිවාසියකුගේ මරණය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය වසර 26ක කාලය පුරාම බ්‍රසීලයේ වනගත ප්‍රදේශයක ඔහු ජීවත්ව ඇත්තේ තනිවමය. බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවක් නොපැවැත්වූ බව පැවසෙන ඔහු වාසය කර තිබුණේ තනරු ආදීවාසී කලාපය ලෙස නම් කර ඇති ආරක්‍ෂිත ප්‍රදේශයකය.

මෙම මිනිසාගේ සිරුර හමු වී තිබුණේ ඔහු වාසය කළ පැල්පතක් ආසන්නයේ වූ තොටිල්ලක් වැනි එල්ලෙන ඇඳක තිබීය.

මෙම පුද්ගලයාගේ ගෝත්‍රයට අයත් වූ බොහෝ දෙනකු නවසිය හැත්තෑව දශකයේ මරණයට පත්ව තිබිණි.

ඔවුන් වැඩි දෙනකු මියගොස් තිබුණේ ඉහත කී ප්‍රදේශය අත්පත් කර ගැනීම සඳහා කඩා වදින ගොවීන් ඇතුළු පාර්ශ්ව අතිනි. ඉතිරිව සිටි තවත් ගෝත්‍රිකයන් සය දෙනකු 1995 වසරේ මරණයට පත්ව තිබිණි.

ඔවුන් මරා දමනු ලැබ තිබුණේ නීති විරෝධී ආකාරයෙන් පතල් කණින ජාවාරම්කාරයන් පිරිසක් විසිනි. ඉහත කී අවසන් සාමාජිකයා එයින් පසුව ජීවත් වී ඇත්තේ හුදෙකලාවය.




Post a Comment

0 Comments