නිමල් සිරිපාලට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසම කැදවයි.. ජපානයෙන්ද සාක්‍ෂි ගනී…

 


අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී තිබෙන අල්ලස් දූෂණ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හා දූෂණ කොමිසම තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ විසිනි.

ජපාන සමාගමකින් අල්ලස් මුදල් ඉල්ලූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙහි මූලික ප්‍රකාශ සටහන් කරගැනීම මෙම සතියේ දී සිදුකිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කොමිසමට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

එමෙන්ම කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයෙන් හා ජපාන තායිසේ සමාගමෙන්ද කරුණු විමසීම නියමිතව ඇත.

Post a Comment

0 Comments