පිල්ලෙයාන්ගේ කාර්යාලයක බෝම්බ දෙකක්..
August 16, 2022
ටී.එම්.වී.පී. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් එරාවුර් ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය කාර්යාලයේ සිවිලිමේ තිබූ ජීව අත්බෝම්බ දෙකක් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.
මේවා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ බව එරාවුර් පොලීසිය සඳහන් කරයි.
මෙම නිවස මෑතකදී මිලදී ගත් අයෙකු එහි වහලය පිලිසකර කිරීමට යාමේදී මෙම අත් බෝම්බ තිබෙනු දැක ඒ බව පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඒවා පොලිස් බාරයට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
0 Comments