දතකට මදින්නැති මූණකට හෝදන්නැති කොන්ඩෙ වවාගත්ත කාලකන්නි අරගලකාරයෝ නිසා සංචාරකයො එන්නෙ නෑ…

 


දත කට මදින්නේ නැති මූණ කට හෝදන්නේ නැති කොන්ඩෙ වවාගත්ත කාලකන්නි ටිකක් අරගලයේ සිටි බවත් උන් ඔවුන් සංචාරක කර්මාන්තය හදවත බඳු හෝටල් සමූහය ඉදිරියේ කූඩාරම් ගසා ගත් පසු තවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට නොවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මෙරට සංචාරක කර්මාන්තය ඇදවැටුනේ අරගලය නිසා බවද පැවසූ ඔහු සංචාරකයන් පැමිණෙන්නේ නිදහසේ සංචාරය කිරීමට මිස අනිත්‍ය මෙනෙහි කිරීමට නොවන බවද පැවසීය.

හිරු රූපවාහිනියේ වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments