ප්‍රදේශ කිහිපයකට බෝම්බ ප්‍රහාර..




දකුණු තායිලන්තයේ ස්ථාන 17ක අද (17) දිනයේ පිපිරීම් සහ ගිනිතැබීම් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම බෝම්බ ප්‍රහාර සහ ගිනිතැබීම් අද පාන්දර සිදුකර ඇති අතර එම ප්‍රහාර එල්ලකර තිබුණේ සුපිරි වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඉලක්කකරමිනි.

ඒ හේතුවෙන් හත් දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන් ය.

එම සිදුවීම් අතර සම්බන්ධයක් ඇති බව එරට බලධාරීන් පවසන බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකුත් භාරගෙන නොමැති බව වාර්තා වේ.







Post a Comment

0 Comments