අලුත්ගම පොලිසිය ආසන්නයේ සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීමේ ආකාරයෙන් පැමිණි පුද්ගලයෙකු රුපියල් 3100ක් පමණ වටිනා ළදරු කිරිපිටි ටින් එකක් ඇඳ සිටි කමිසයට යටින් සසඟවනු සේවිකාවක දැක ආරක්ෂක නිලධාරියා දැනුවත් කිරිමෙන් පසු සිද්ධියට සම්බන්ධ සැකකරු අල්ලා අලුත්ගම පොලීසියට බාර භාරදී ඇති බව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හඬා වැලපෙමින් පොලිසියට පවසා ඇත්තේ තමාගෙ අවුරුද්දයි මාස 8ක වයසැති දරුවාට අවශ්‍ය කිරි පිටි නොමැති නිසා මෙලෙස සඟවා ගෙන යෑමට පැමිණි බවයි.
සැකකරු ධීවරයකු බවත් මෝදර ඒගොඩ උයනප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක දෙදරු පියකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ආර්ථික ගැටළු හේතුවෙන් ධීවර රැකියාව කර ගැනීමට නොහැකිව දරුවා වෙනුවෙන් මෙම සොරකම කිරීමට පෙළඹුණු බව පොලිසියට සැකකරු පවසා තිබේ.
එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


0 Comments