ඇල් වතුරේ පොගවා පාන් කමින් සිටි අයෙක් මිය යයි…

 


පාන් ගෙඩියක් මිලට ගෙන එය ඇල් වතුරේ පොඟවා කමින් සිටී අයෙකු මියගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය සඳහන් කරයි.

ප්‍රදේශයේ පදිංචි හැත්තෑ පස් හැවිරිදි අයෙක් මෙසේ මියගොස් ඇතැයි ද පොලීසිය පැවසීය.

ඔහුගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේ ඔහු කමින් සිටි පාන් ගෙඩියේ කොටස් ඒ අවට වැටී තිබී ඇත.

පාන් ගෙඩිය කා ඇත්තේ වතුරේ පොගවමින් බවද පවසන පොලිසිය සිරුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා ඇල්පිටිය රෝහලට භාර දුන් බවද සඳහන් කළේය.

Post a Comment

0 Comments