ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමට උත්සාහ කළද එය මිලදී ගැනීමට කිසිවකු නො පැමිණෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
අද වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 500 ක ණය බරක් දරාගෙන සිටින බවත් එම ණය බර සහිතව එය මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ද එහි ඇති ණය බර සමග මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවනු ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
රාජ්‍ය දේපල පුද්ගලීකරණය කරන බවට ආණ්ඩුව පැවසූවද බංකොලොත් වූ රටක ණය බරක් සහිත රාජ්‍ය දේපල මිලට ගැනීම සඳහා කිසිවකු නොපැමිණෙන බවද එ් මහතා තව දුරටත් සදහන් කලේය.
බංකොලොත් රටකට පැරණි විසඳුම් ඒ ආකාරයෙන් ම නොගැළපෙන බවත් හෙතෙම පැවසුවේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


0 Comments